මරා දැමූ නිදහස් අධ්‍යාපනයේ මිනී පෙට්ටියට ගසන අවසන් ඇණය හෙවත් කොතලාවල පනත
- මරා දැමූ නිදහස් අධ්‍යාපනයේ මිනී පෙට්ටියට ගසන අවසන් ඇණය හෙවත් කොතලාවල පනත
01. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය02. අධ්‍යාපන අමාත්‍යාංශය
03. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
04. වෘත්තීය ප්‍රමිති ආයතන (උදා. SLMC, IESL)
මේ ඔක්කොම ආයතන වල බලය, එක මණ්ඩලයකට දුන්නොත් කොහොමට තියෙයිද?
ඒ මණ්ඩලයේ 10 දෙනා ගෙන් 5 දෙනෙක් හමුදා නිලධාරීන්. දෙදෙනෙක් ආරක්ෂක ඇමතිගේ ලේකම්ලා. ඉතුරු තුන් දෙනාත් අඩු වැඩි වශයෙන් දේශපාලන පත්වීම්.
තාම ඉවර නෑ... තව තියෙනවා.
1. දැනට ලංකාවෙ ක්‍රියාත්මක වෙන 1978 විශ්ව විද්‍යාල පණත මේ මණ්ඩලයට බලපාන්නෙ නෑ.
2. ඕනෑම පුද්ගලික විශ්ව විද්‍යාලයකට, මේ මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන, කොතලාවල විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෙලා "උපාධි පිරිනැමීමේ තත්වය" (Degree Awarding Status) ලබා ගන්න පුලුවන්.
3. මේ මණ්ඩලයෙන් අනුමත කරන උපාධි වලට ප්‍රමිති ආයතන වල පිලිගැනීමක් අවශ්‍ය නෑ. තමන්ගෙ උපාධි ප්‍රමිතිය හොඳයි කියලා ඒ මණ්ඩලයටම තීරණය කරන්න පුලුවන්.
4. මේ මණ්ඩලය වග කියන්නෙ ආරක්ෂක ඇමතිට විතරයි. මුදල් නියාමනය, විගණනය තමන්ම කර ගන්නවා. තමන්ගෙ උපාධි වල මිල තීරණය කරන්නෙත් මේ මණ්ඩලය විසින්මයි.
5. විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි, පාසල් පිහිටුවන්න, ඒවල විෂය නිර්දේශය තීරණය කරන්න, විභාග පවත්වන්නත් සම්පූර්ණ බලතල මේ මණ්ඩලයට හිමියි. අධ්‍යාපන අමාත්‍යාංශය අදාලම නෑ.
6. තව ලස්සන වගන්තියක් ගැනත් කියන්න ඕනෙ.
විශ්ව විද්‍යාලය ඇතුලෙ සිදුවෙන ඕනෙම විරෝධතාවයක්, ""තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම පියවරක්"" අරගෙන මර්දනය කරන්න ආරක්ෂක ඇමතිට සම්පූර්ණය බලය තියෙනවා. ඒ කියන්නෙ ඕනෑම අසාධාරණයකදි ඔලුව නමාගෙන ඉන්න පුලුවන්.
හරි සංතෝසයි නේද?
මේ දවස් වල, කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හදන "කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත" ගැන සාරංශයක් තමයි මේ කිව්වෙ.
ලංකාවෙ දේශපාලකයන්ට සම්පූර්ණයෙන් විනාශ කරන්න බැරි උනු දේවල් 2යි තියෙන්නේ.
02. නිදහස් සෞඛ්‍ය
මේ පණත සම්මත උනොත්, මෙතනින් එකක් ඉවරයි. හැබැයි අධ්‍යාපනය විකිණීමටත් වඩා භයානක දෙයක් මෙතන වෙනවා. ඒ අධ්‍යාපන මිලිටරීකරණය. පාසල් මට්ටමේ ඉඳලා විශ්ව විද්‍යාල මට්ටම දක්වාම.
නිදහසේ හිතන්න පුලුවන්, හරි වැරැද්ද දකින්න පුලුවන් මිනිස්සු වෙනුවට, අණ පිලිපදින, කොන්ද කඩපු පරම්පරාවක් ඉස්සරහට දැක ගන්න පුලුවන් වෙයි...
![]() |
| කොතලාවල පනතට එරෙහි විරෝධතාවට කඩා වැදුණු ආණ්ඩුවේ නිල සුනඛයෝ |

මේකට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග උපරිමයෙන්ම ගන්න ඕන.. නිදහස් අධ්‍යාපනය මිලිටරිකරණයකට ලක් වුණොත්.. ඒක පාසල්, සරසවි භේදයකින් තොරව සමස්ත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියත්... අනාගත පරම්පරාවෙ සිතුම් පැතුම්.
ReplyDeleteමේ සියල්ල උඩු යටිකුරු කරාවි.. දේශපාලන දූෂිතයන්ව පාර්ලිමේන්තු යවපු උන්ට ගහන්න ඕන සේරටම කලින්..