මරා දැමූ නිදහස් අධ්‍යාපනයේ මිනී පෙට්ටියට ගසන අවසන් ඇණය හෙවත් කොතලාවල පනත
මරා දැමූ නිදහස් අධ්‍යාපනයේ මිනී පෙට්ටියට ගසන අවසන් ඇණය හෙවත් කොතලාවල පනත 01. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය 02. අධ්‍යාපන අමාත්‍යාංශය 03. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 04. වෘත්තීය ප්‍රමිති ආයතන (උදා. SLMC, IESL) 05. විශ්ව විද්‍යාල සනාතන සභාවන් හා පාලක සභාවන් මේ ඔක්කොම ආයතන වල බලය, එක මණ්ඩලයකට දුන්නොත් කොහොමට තියෙයිද? ඒ මණ්ඩලයේ 10 දෙනා ගෙන් 5 දෙනෙක් හමුදා නිලධාරීන්. දෙදෙනෙක් ආරක්ෂක ඇමතිගේ ලේකම්ලා. ඉතුරු තුන් දෙනාත් අඩු වැඩි වශයෙන් දේශපාලන පත්වීම්. තාම ඉවර නෑ... තව තියෙනවා. 1. දැනට ලංකාවෙ ක්‍රියාත්මක වෙන 1978 විශ්ව විද්‍යාල පණත මේ මණ්ඩලයට බලපාන්නෙ නෑ. 2. ඕනෑම පුද්ගලික විශ්ව විද්‍යාලයකට , මේ මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන, කොතලාවල විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෙලා "උපාධි පිරිනැමීමේ තත්වය" (Degree Awarding Status) ලබා ගන්න පුලුවන්. 3. මේ මණ්ඩලයෙන් අනුමත කරන උපාධි වලට ප්‍රමිති ආයතන වල පිලිගැනීමක් අවශ්‍ය නෑ. තමන්ගෙ උපාධි ප්‍රමිතිය හොඳයි කියලා ඒ මණ්ඩලයටම තීරණය කරන්න පුලුවන්. 4. මේ මණ්ඩලය වග කියන්නෙ ආරක්ෂක ඇමතිට විතරයි . මුදල් නියාමනය, විගණනය තමන්ම කර ගන්නවා. තමන්ගෙ උපාධි වල මිල තීරණ...